Friday, January 10, 2025

ඝාතනය වූ මාධ්‍යවේදී, නිමලරාජන් සැමරේ

Must read

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට වසර 21 ක් අදට සපිරෙයි. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ 21 වන සංවත්සරය මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වී. ක්‍රිෂ්ණකුමාර්ගේ ප්‍රධානත්වයෙන් අද එම මාධ්‍ය මධ්‍යස්ථානයේදී සැමරිණි. එහිදී මාධ්‍යවේදී නිමලරාජන් සිහිකර ඔහුට පුෂ්පෝපහාර දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් ඇතුළු මාධ්‍යවේදීන් සහභාගි වූහ.
යුද්ධයේ උච්චතම අවස්ථාවකදී යාපනයේ සිට පුවත් වාර්තා කිරීම මාධ්‍යවේදී නිමලරාජන් නිර්භයව සිදුකළේය.
2000 ඔක්තෝබර් 19 වන දින රාත්‍රිෙය්දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පිහිටි ඔහුගේ නිවසේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් නිමලරාජන් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර වසර 21 ක් ගතවී ඇතත් ඔහුව මරාදැමු අපරාධකරුවන් තවමත් නීතිය ඉදිරියට ගෙනවිත් නොමැත.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article