Wednesday, May 15, 2024

ඝාතනයට ලක්වූ ශීවරාම් සහ රජීව්මන් මාධ්‍යවේදින්ට උපහාර !

Must read

ඝාතනයට ලක්වූ සිවරාම් සහ රජීවර්මන් යන මාධ්‍යවේදීන්ගේ අනුස්මරණ දිනය සෙනසුරාදා යාපනයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මෙම අවස්ථාවට යාපනයේ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දිවිපිදූ මාධ්‍යවේදීන්ට උපහාර පුද කළහ.

2005 අප්‍රේල් 28 වැනි දින කොළඹ බම්බලපිටිය පොලිස් ස්ථානය අසලදී නාඳුනන ප්‍රහාරකයින් විසින් පැහැරගෙන ගිය මාධ්‍යවේදියෙකු වන  (තරාකී) නොහොත් ධර්මරතනම් සිවරාම් පාර්ලිමේන්තුව අසලදී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

මාධ්‍යවේදී සෙල්වරාජා රජීවර්මන් මහතා උදයන් පුවත්පතේ කාර්යාල වාර්තාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී 2007 අප්‍රේල් 29 වැනි දින පෙරවරු 10 ට ස්රාන්ලි පාරේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article