Saturday, May 18, 2024

ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් ට යුක්තිය ඉටු කරනු! නැ⁣ගෙනහිරින් ජනපතිට පෙත්සමක්..!

Must read

ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය අද පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

දේශපාලකයන්,සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය,ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා පෙත්සමක් නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් ට හට දි තිබුනේ ජනපති රනිල් වික්‍රමසිංහ භාර දිම සඳහාය.

අපි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙම පෙත්සම ජනාධිපති වරයා අතට පුද්ගලිකව භාරදිමේ වගකිම තමන් භාර ගන්නා බවය.අනික් ජනාධිපතිවරුන් මෙන් ජනාධිපති මන්දිරයේදි නොව පාර්ලිමේන්තුව තුලදි මෙම ජනාධිපතිවරයා හමු⁣විමෙි අවස්තා දැන් මන්ත්‍රීවරුන් ට ලැබි ඇත්තේ ජනපතිවරයා නිතරම පාර්ලිමේන්තුවට පැමිණෙන නිසා බවද කියා සිටියේය. මෙම විරෝධතාවය, නැගෙනහිර මාධ්‍ය සමාජය , යාපනය මාධ්‍ය සමාජය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article