Wednesday, May 8, 2024

ගෝඨාගේ මන්දිරයෙන් හමු වූ මුදල් වලට මොකද වෙන්නේ ?

Must read

2022 ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයේ තිබී අරගලකරුවන් විසින් ලබාගෙන පොලිසියට භාරදුන් රුපියල් 17,850,000ක මුදලක් සම්බන්ධයෙන්  ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඊයේ (18) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දැනුම් දුන්නේය.

එම පැමිණිල්ලේ  එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු සටහනක් හෝ ඒ සම්බන්ධයෙන් ලේඛනයක් වැනි විමර්ශනයට අවශ්‍ය සාක්ෂි නොමැති බවත්, පැමිණිල්ලට අදාළ වත්කම් විමර්ශනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, එය දූෂණ චෝදනාවලට ඇතුළත් නොවන බවත්  අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව අධිකරණයට ගොනු කළ වාර්තාවේ සඳහන් වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ කිසිදු දේපළක් වත්කමක්වත් ඔහුගේ නමට මිල දී ගෙන හෝ එවැනි ගනුදෙනුවක් කර ඇති බවට සාක්ෂි නැති බව ද වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සිදුකළ විමර්ශනයේ වාර්තාව ද ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් විශේෂ අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තර්ජනය කර ඇති බව බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහි සඳහන් වේ.

වැඩිදුර වාර්තා සඳහා නඩුව 2024 ජනවාරි 17 වැනි දින යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

උපුටා ගැනීම – www.infosrilanka.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article