Tuesday, May 14, 2024

ගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් – ජවිපෙ

Must read

ගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එබැවින් විකල්ප දේශපාලන ක්‍රමයකට මාරු කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රට අරාජික කළ, මහජන ආරක්‍ෂාව බිලි දෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඊයේ(12දා) කොළඹදී පැවැත්වූ ජන රැලියට සහභාගි හෙතෙම මේ බව පවසා සිටියේය.

ජනතාවට ජයග්‍රහණ ලබා දීමට ජනතාවට හැකියාව තිබෙන බවත්, එබැවින් ඉදිරි මාස 06ක කාලය ඉතාමත් තීරණාත්මක බවත් හෙතෙම පවසා සිටියේය.

එම කාලය තුළ හොඳින් මහන්සි වී, ඉලක්කයකට වැඩකර, හොඳින් දේශපාලනය කළ යුතු බවද පක්‍ෂනායකවරයා සඳහන් කළේය.

මෙරට පාලකයන්ට මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කළ නොහැකි බවත්, එවැනි පිරිසකට තවදුරටත් රට පාලනය කිරීමට අයිතියක් නොමැති බවත් පක්‍ෂනායකවරයා පවසා සිටියේය.

එබැවින් මහජනයාගේ ආරක්‍ෂාව ලබාදිය හැකි, ජාතික සමගිය ඇති කළ හැකි නව ව්‍යාපාරයකට බලය හුවමාරු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් හෙළිදරව් කිරීමේ වුවමනාම ජනතා විමුක්ති පෙරමුණට තිබෙන බවත්, තේරීම් කාරක සභාව එය සිදු කරමින් තිබෙන බවත් දිසානායක මහතා පවසා සිටියේය.

එබැවින් රට විකල්ප දේශපාලන ක්‍රමයට මාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්විණි.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article