Monday, May 20, 2024

ගුවන් මගින්ට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

Must read

මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දී ඇත. එය ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මකය.

මේ අනුව

  • පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරුවී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.
  • පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට හෝ විදේශ සංචාරකයන්ට කොරෝනා පරීක්ෂණයකින් පසු ජෛව බුබුලක් යටතේ සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලැබේ.
  • මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපොළේදි කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත් ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාව ලැබේ.

එසේම, නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින දාහතරක් නිරෝධායනයවී සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසයි .

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාලව නව චක්‍රලේඛයක්ද ඉදිරියේදී නිකුත් කරනු ලැබීමට නියමිතය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් ගනු ලැබූ ලැබු තීරණයක් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දී ඇත.

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article