ඊයේ (04) දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1914 අතරින්, වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙනි. ඒ අනුව ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 542ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 531ති. කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 116ක් වාර්තා වී ඇත.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ සිටි දේශීය පුද්ගලයින් ය.