Thursday, January 23, 2025

කොවිඩ් සුවවූ පසු මානසික ආතතිය ඇති වීම වළක්නා ගන්න….

Must read

කොවිඩ් ආසාදනය වූ රෝගීන් එම තත්වයෙන් සුව වීමෙන් පසුව වූවත් ඇතැම් පුද්ගලයින්ට විවිධ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම කරන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා ඇත්තේ , “කොවිඩ් රෝගයට පසුව රෝගය සුවවී නිවසට ගිය පසු හුස්ම ගැනීමේ අපහසුතා, කතාකරන විට හා ඇවිදිනකොට හුස්ම ගැනීමේ අපහසුතා ගැන බොහෝ දෙනෙක් බය වෙනවා. මට මේ රෝගය වැඩි වෙනවාද, මට දැන් ආයෙත් රෝහල්ගත වෙන්න වෙයිද ? වශයෙන් සිතීම නිසා ඔවුන්ට මානසික ආතතියක් ඇතිවෙනවා. ඒ මානසික ආතතිය නිසා නැවතත් හුස්ම ගන්න වේගය වැඩිවෙන්නට පුළුවන් තවදුරටත් පපුව ගැහෙන එක වැඩිවෙන්නට පුළුවන්. මේක විෂම චක්‍රයක් වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මානසික ආතතිය නිසා මේ ප්‍රශ්නය වැඩි වෙන්න පුළුවන්. තදබල වෛරස් රෝගයට පස්සේ කාලයක් යනතුරු යම් මට්ටමකට රෝග ලක්ෂණ තිබෙන බව දැනගත යුතුයි. බොහෝ වෙලාවට මාස 6ක් අවුරුද්දක් යනතුරු ඇතැම් අයගේ මේ රෝග ලක්ෂණ පවතිනවා. මේ රෝග ලක්ෂණ පිළිබඳව බයවෙන්න හොඳ නැහැ. ඒ රෝග ලක්ෂණ වැඩිනම් ඒ සම්බන්ධව සායනයකට යොමුවෙන්නට ඕනේ. අපි දකිනවා මේ තත්ත්වය නිසා ගොඩක් අය මානසිකව බලපෑමකට ලක්වෙන්නට පුළුවන්. දරුවන්ගේ මානසික තත්ත්වය ගැනත් අපි අවධානයෙන් ඉන්නට ඕනේ මොකද වැඩිහිටියෝ පවා ඇතැම්විට මානසිකව මට කලකරීමක් කියන්නේ නැහැ. ඒ අය ඇඟට ඇතිවන අපහසු ගතිය තමයි වැඩියෙන් කියන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණ පෙන්නවානම් ගොඩක් අවධායෙන් සිටින්නට ඕනේ. කොවිඩ් නිසා මානසික මට්ටමේ වෙනස්කම් තියෙනවා. එහෙම දේවල් යම් මට්ටමකට තිබෙනවා නම් 1926 අංකයට කතාකරලා උපදෙසක් ලබාගන්න.“

(අදදෙරණ ලිපිය ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article