මුලතිව් දිස්ත්රික්කයේ වයස අවුරුදු 18 සහ 19 තරුණයින් සඳහා ෆයිසර් එන්නත් කිරීම අද (25) ආරම්භ විය. කොරෝනා වෛරසයේ බලපෑම මෙරටට ඉහළ ගොස් ඇති බැවින් එන්නත් ලබාදීමේ කටයුතු මේ වනවිට ශීඝ්රයෙන් සිදුවෙමින් පවතී. ඒ ආකාරයට විවිධ වයස් කාණ්ඩ සඳහා පියවරෙන් පියවර එන්නත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.මේ අනුව අද මුලතිව් දිස්ත්රික්කයේ වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන්නන්ට ෆයිසර් එන්නත් ලබාදීම සිදුවිය. තරුණ පිරිස් එන්නත් ලබාගැනීමට උනන්දුවෙන් සහභාගී වූහ.
ෂන්මුගම් තවසීලන්