Friday, May 3, 2024

කොලින්දා ග්‍රාබර් කිටාරොවික් නම්වූ ඇය:

Must read

 704128-kolindaෆීපා 2018 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසාන තරගය දක්වා පැමිණි තම ජාතික කණ්ඩායමට සහය දැක්වීමට පැමිනි ක්‍රෝඒෂියාවේ ජනාධිපතිනිය, කොලින්දා ග්‍රාබර් කිටාරොවික් තම රූසපුවින් මේ වන විට ලෝකය පුරා හමා යන කුණාටුවක් ජනිත කර ඇත.
එහෙත් ඇයගේ මේ රූමත් බවට පිටුපසින් ඇති වෙනත් දේවල් පිළිබඳව අප දන්නේද? ඇය කුමණ දේශපාලන දර්ශනයක් නියෝජනය කරමින් ඒ සදහා පෙනී සිටිනවාද යන්න පිලිබදව කතා කිරීම පසෙක තබා රටක නායකයකුට හෝ නායිකාවකට ඇයගෙන් ඉගෙන ගැනීමටත්, රටක ජනතාව තමන්ගේ නායකයා හෝ නායිකාව ලෙස තෝරා ගත යුත්තේ කෙබදු කෙනෙකුද යන්න පිලිබදව කිසියම් අදහසක් ඉස්මතු කිරීමට අප මේ සටහන තබමු.705790-kolinda-putin-2
කොලින්දා ඉපදුනේ 1968 අප්‍රියෙල් 29 දා වු අතර දැන් ඇයගේ වයස අවුරුදු 50 කි. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ සාහිත්‍යය පිලිබදව උපාධීධාරිනියක් වන ඇය ජාත්‍යන්තර සබදතා පිලිබදව පශ්චාත් උපාධියක්ද සම්පූර්ණ කර ඇත.fbl-wc-2018-match64-fra-cro_9a3afe6a-88ef-11e8-b2f4-2ee9fa0c7dec
අතිශයින්ම කාන්තිය විහිදුවන බුද්ධිමතිනියක් වන ඇය ජෝර්ජ් වොෂින්ටන්, හාවඩ් සහ ජෝර්ජ් හොප්කින්ස් වෑනි විශ්ව විද්‍යාලවලින්ද අධ්‍යාපනය ලබා ඇත. වයස අවුරුදු 46දී ඇය තම රටේ ජනාධිපතිධූරයට පත්වූ අතර අතිශයින්ම කාර්ය බහුල රාජකාරි ජීවිතයක් ගත කරමින් ඇය මේ වන විට ජාත්‍යන්තර සබඳතා පිලිබදව ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටින්නීය..
ඇය රූමත් සියුමැලි ලදක් පමණක් නොවේ. කලක් ඇය තම රටේ කොමාන්ඩෝ බලකායේ සහ මුහුනු ආවරණය කරගත් කණ්ඩායමේ සාමාජිකාවක්ද වී සිටියාය.og-kolinda-grabar-kitarovi-6858
2007 – 2011 කාල වකවානුවේදී ඇමරිකාවේ ක්‍රෝඒෂියානූ තානාපතිනිය වූයේ ඇයයි. අනතුරුව නේටෝ සංවිධානයේ ප්‍රථම සහකාර මහ ලේකම්වරියවූ ඇය තම සංවිධානයේ සෙබලුන්ගේ චිත්ත ශක්තිය ඉහලට එසවීමට අවස්ථා කීපයකදීම ඇෆ්ගනිස්ථානයේ සංචාරක කලාය. නේටෝ සංවිධානය ජාලය තුල ඇයව හදුන්වනු ලැබුවේ “ස්වෑම්බෝ -SWAMBO”යන අන්වර්ථ නාමයෙනි. එහි තේරුම “සියල්ලෝ කීකරු විය යුතු, කාන්තාවන් පිළිබඳව විකාර කතා නොකරන්නී” යන්නයි. තමා විසින්ම ඇති කර ගනු ලැබූ ඉතා දැඩි විනය පද්ධතියක් මත පිහිටා කටයුතු කරන ඇත කැපවීම තුල ආදර්ශමත්ව කටයුතු කරයි. බොහෝ ලෝක නායකයින්ගේ ඇගයීමට ලක්ව ඇති ඇය තමාගේ පෞද්ගලික ධනය වැය කර තම ජාතික පාපන්දු කණ්ඩායම ධෛර්යමත් කිරීමට රුසියාවට පැමිනියාය.1531120146_croaita-president-kolinda-grabar-kitarovic-fifa-world-cup-2018
ක්‍රෝඒෂියානු පාපන්දු කණ්ඩායමේ නිල ජර්සිය ඇදගත් ඇය සියලු රාජ්‍ය තාන්ත්‍රික පිලිවෙත් ඉවතලා විශේෂ අමුත්තන් සදහා වෙන්කර තිබූ කුටියේ සිට තම ක්‍රීඩකයන් ධෛර්යමත් කලාය. අර්ධ අවසන් තරගයේදී ප්‍රේක්ෂකයන් සමග එකතුව තරගය නැරඹූ ඇය අනතුරුව විවේකාගරයට පැමිණ දහදිය පෙරාගෙන සිටි තම ක්‍රීඩකයන් වැලද සිප ගත්තේ ඔවුන් තම රට ලෝකයේ ඉහලින්ම තැබීමට දැක්වූ දායකත්වයට කෘතගුණ සැලකීමටය. . තම මවු භාෂාව ඉතා චතුර ලෙස කතා කරන ඇය ඉංග්‍රීසි,ජර්මන්, ප්‍රංශ, රුසියානු සහ ඉතාලි භාෂාවන්ද ඉතා හොදින් කතා කරන්නීය.
අවසාන තරගය පැවති අවස්ථාවේ ඇය ප්‍රංශ ජනාධිපති මැකරොන් සමග ප්‍රංශ භාෂාවෙන් සහ රුසියානු ජනාධිපති පුටින් සමග රුසියානු භාෂාවෙන් විටින් විට කතා කලේ කිසිම තැතිගැන්මක් නොමැතිවය.
රටක නායකත්වයට පත්විය යුත්තේ මෙවැනි චරිත බව ඇය මුලු ලොවටම පසක් කලාය. අවසාන තරගය පරාජයවු තම ක්‍රීඩකයන්ගේ කදුළු පිස දැමූවේ ඔවුන්ට පමනක් නොව ඇය මුලු රටේම ජනතාවගේ දයාබර අම්මා ලෙසය.
Radley Stephen විසින් ලියන ලදුව මුහුණු පොතේ පලවූ මේ කෙටි සටහන සිංහලට පරිවර්තනය කර සකස් කලේ;
 අරුණ ශාන්ත නෝනිස්.
 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article