Wednesday, January 22, 2025

කොරෝනා මර්දන එන්නත් මීළගට රත්නපුරට හා යාපනයට

Must read

කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ හෙට (30) වනදා සිට රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කරන බවයි.

එමෙන්ම මේ වන විට බස්නාහිර, කුරුණෑගල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාවට එන්නත් ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බව අමාත්‍යංශය සදහන් කරයි.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති අතර ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000ක් පෙරේදා මාධ්‍යම රාත්‍රියේ මෙරටට ළඟා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article