Saturday, May 18, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ පරීක්ෂණවලට සම්බන්ධ නීතිඥයින්ට තර්ජන

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් සමූහ මිනීවලේ කැණීම්වලට අදාළ නඩු හා විමර්ශනවලට සහභාගි වන නීතිඥවරුන්ට අපරාධ විමර්ශන ඒකකයෙන් තර්ජන එල්ල වී ඇති බව අධිකරණයේ අවධානයට යොමුව තිබේ.

පසුගිය (31) මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු  ප‍්‍රදීපන් මහතා ඉදිරියේ කොක්කුතොඩුවායි සමූහ මිනීවල හෑරීමට අදාළ නඩු විභාගය පැවැත්වෙන අතරවාරයේදී නීතීඥවරුන් විසින් මේ පිළිබඳව අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

විශේෂයෙන්ම මෙම නඩුවේ විමර්ශනයට සම්බන්ධ නීතිඥවරුන් 2023.08.10 වන දින සමුහ මිනීවල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අවස්ථාවේදී එහි පැමිණි නීතීඥවරුන් පිළිබඳව  දෙපාර්තමේන්තුව විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා තිබේ.  එහි පැමිණි නීතීඥවරුන්ගේ නම් සහ ඔවුන් පැමිණියේ කොහෙන්ද යන්න පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන්ද විමසා  පරීක්ෂණ පරීක්ෂණ පවත්වා ඇත. මේ ආකාරයට  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇති තොරතුරු යොදාගෙන   ඔවුන්ට තර්ජනයක් ඇතිකළ හැකි බවට නීතීඥවරුන් විසින් අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

එම නීතීඥවරුන් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කණ්ඩායම ග්‍රාම නිලධාරිවරයා වෙත පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව කොක්කුතොඩුවායි මාධි ග්‍රාම නිලධාරීවරයාද අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.

එවැනි තත්ත්වයක් තුළ රහසිගතව තොරතුරු රැස් කරන බුද්ධි අංශ නිලධාරීන් එළිපිටම පැමිණ පරීක්‍ෂණ සිදුකරන බවට තර්ජනයක් මතුව ඇති බව නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා සංසදයේ අවධානයට යොමු කළේය.

මේ සම්බන්ධයෙන් කොක්කොළෙයි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ පැමිණිල්ලක් ලියාපදිංචි කරන ලෙස නීතීඥවරුන්ගෙන් ඉල්ලා ඇති  අතර ඔවුන් පියවර ගනිමින් සිටින බවයි.

මුලතිව් දිස්ති‍්‍රක්කයේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන මහජන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ට බුද්ධි අංශ වෙතින් කාලයක්පුරා  තර්ජන එල්ල වෙමින් පැවති අතර මේවනවිට  නීති දෙපාර්තමේන්තුවට ද තර්ජනයක් වන ආකාරයට බුද්ධි අංශ විසින් කටයුතු කිරීම බරපතල තත්ත්වයකි.

ෂන්මුගම් තවසීලන්

 

සබැඳි පුවත්

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ පරීක්ෂණ ලබන 05 වනදා අරඹයි

මුලතිව් සමූහ මිනීවලේ එල්.ටී.ටී.ඊ කාන්තා සටන්කාමින්ගේ සිරුරු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article