Wednesday, May 15, 2024

කෙහෙලිය පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

Must read

කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන්  ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරිණි.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසා තිබේ

කැබිනට් අමාත්‍යවරයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්ථාව මෙය බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක දී කියා තිබුණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article