Sunday, May 5, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුව ගැන මුකුත් කියන්න බෑ ! නීතිපති මාරුවෙයි !

Must read

attornyඅගමැති ධුරය වෙනස් වීම සහ  රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ  මතයක්  ප්‍රකාශ කිරීමට නොහැකි බව  නීතිපති ජයන්ත ජයසුරිය මහතා  කතානායක කරුජයසුරිය මහතා  වෙත අද (31)  දැනුම් දී තිබේ.

අදාළ ක්‍රියාවලියේ  නිත්‍යනුකූල භාවය පිළිබඳ  විමසමින්  පසුගිය 27 වැනිදා කතානායකවරයා  විසින්  නීතිපතිවරයාට යොමු කළ  ලිපියට පිළිතුරු දෙමින්  නීතීපතිවරයා මේ බව දැනුම්දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව  ඒ සම්බන්ධයෙන්  මතයක්  ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ බව සඳහන් කරමින් කතානායක කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් කතානායකවරයාට යොමුකළ ලිපිය.

newstube.lk

45093863 2719736074705022 1772601095470710784 n

කතානායක කාර්යාලය නිකුත් කල නිවේදනය

Letter

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article