Sunday, May 19, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුවේ ගුවන්විදුලි සභාපතිට සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට අගමැති දිවුරුම අමතක වෙයි !

Must read

slbcඇතැම් රාජ්‍ය මාධ්‍ය තවමත් කුමන්ත්‍රණ න්‍යාය පත්‍රයෙන් ගැලවි නැත. කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් හොර පත්විම් ලෙසින් දුන් සභාපති සෝමරත්න දිසානායක සහ හොර පත්විම් ලැබු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉන්දික ජයතරන්න විසින් ක්‍රියාත්මක කර ඇති අද දහවල් ප්‍රවෘත්ති විකාශය සදහා හෙට දිනයේ අගමැතිවරයා ලෙසින් රනිල් වික්‍රමසිංහ දිවුම්රුම් දිමට නියමිතව ඇතැයි යන පුවත ප්‍රධාන පුවතක් වි තිබුනේ නැත. එය ප්‍රධාන සිරස්තලයක් වි තිබුනේද නැත.
මේ අතර නිව්ස් ටියුබ් වෙබ් අඩවිය වාර්ථා කර තිබුනේ රුපවාහිනි දිවා පුවත්වලට මේ ලෙඩේ වැළදි තිබුණ බවයි.ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වු සුනන්ද දේශප්‍රිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ අද දවල් 12.30 ප්‍රවෘත්ති විකාශය තුලදි එක්සත් ජාතික පෙරමුණ කිසිවෙකුගේ හඩපට විකාශය නොවුන අතර රාජපක්ෂ පිලේ හඩ පට 5 ක් පමණ විකාශය වු බවය.
මේ අතර ගවන්විදුලි සභාපති සෝමරත්න විසින් සජිවි පාර්ලිමේන්තු විකාශය හිතුවක්කාර ලෙසින් නවතා දැමිම ගැන කථානායකවරයාද පාර්ලිමේන්තුවට කැදවා දොස් නගා තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍ය පෙරමුණ ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් කියා සිටියේ ගුවන්විදුලි සභාපතිවරයා පුරවැසි අයිතියක් කඩ කර ඇති බවය.SanjeewaSLRC

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article