Saturday, May 18, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුවට කිසිදු රටක පිළිගැනිමක් නැතිබව අද මාලදිවයිනේදිත් ඔප්පු වෙයි !

Must read

46362746 10213800443265445 4688652437962096640 n

මෙරට කුමන්ත්‍රණ ආණ්ඩුව සඳහා මෙතෙක් කිසිඳු විදෙස් රාජ්‍යයක නිල පිළිගැනීම නොමැති බව අද (17) පැවති  මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් දිවුරුම්දීමේ රාජ්‍ය උත්සවයේදී ද තහවුරු විය.

ඒ සිරිසේන ජනාධිපතිගේ නිල නියෝජිතයා ලෙස සහභාගීවූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය සරත් අමුණුගම සඳහාවත් නිසි පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර ඒ වෙනුවට මාලදිවයින් හිටපු ජනාධිපති  අබ්දුල් නෂීඩ් සහ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදී අසල අසුන් පනවා තිබුණේ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙතය.නිමල් 2

මෙම අවස්ථාව සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ ෆයිසර් මුස්තාපා ද සහභාගීව සිටියේය.

කෙසේ වුවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත මේ සඳහා නිල ආරාධනයක් නිකුත්ව නොතිබූ අතර එහෙත් අපකීර්තිය වසං කරගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විශේෂ අවසර පත්‍රයක් ලබාගෙන ඒ අවස්ථාව නියෝජනය කිරීමට ගොස් ඇත. ඒ නිසාම ඔහුට ලැබී තිබුණේ සිව්වැනි පේළියේ අසුනකි.

මේ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගීවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මුණගැසීමට උත්සාහ කළත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව හිමිව නැත.

නමුත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතව ඇත.
newstube.lk

 

46436312 2110580095939468 7226721528551833600 n

Capture1q2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article