Sunday, May 19, 2024

කියවීමේ මාසය වෙනුවෙන් විවාදයේ ජය ඉලිංගනගර් ශ්‍රී කෝනලිංග මහා විද්‍යාලයට

Must read

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ත්‍රිකුණාමලය, උප්ලුවල්ය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය තුළ පාසල් අතර පැවැති විවාද තරගයෙන් ඉලිංගනගර් ශ්‍රී කෝනලිංග මහා විද්‍යාලයීය විවාද කණ්ඩායම ජයග්‍රහණය කළේය.

තරගාවලියේ පළමු වටයේදී කාසියේ වාසිය දිනා පාසල් 6ක කණ්ඩායම් තරග වැදුණි. දෙවැනි වටයේ දී පළමු වටය ජයගත් කණ්ඩායම් තුනක් එනම් කණ්ඩායම් තුනක් අතර තරග පැවැත්වුණු අතර ලකුණු පදනම මත පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිරිනැමිණි.

ප්‍රථම ස්ථානය ඉලිංගගර් ශ්‍රී කොනලිංග මහා විද්‍යාලයටත්, දෙවන ස්ථානය වල්ලිමනල් අල් අක්සාර් පාසල් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය සම්හල්දිව් සල්ලියම්බල් විද්‍යාල කණ්ඩායමටත් හිමිවිය.

වී. රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article