Friday, September 20, 2024

කින්නියා පාරුවේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

ත්‍රිකුණාමලය, කින්නියා කලපුවේ ගිලී ගිය පාරුව මෙහෙයවූ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඛේදජනක සිද්ධියෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 17 දෙනෙකු රෝහල් ගත කර තිබුණි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පාර්ලිමේන්තුවවේදි පවසා තිබුනේ මෙයට වගකිවයුත්තා වන්නේ කින්නියා නගර සභාවේ සභාපතිවරයා බවය.
ආප්ප පුච්චනවා සේ පාලම් හැදිමට නොහැකි යයිද ඔහු කියා තිබුණි.

ඇමති නිමල් ලංසා ඒසේ කිවද , කින්නියා ජනතාවට අත්‍යවශ්‍යම වු ඒ පාලම කඩිනමින් ඉදිකිරිම ප්‍රමාද කිරිම ගැන ඇමති ලංසාද හෝ මේ රජයට ඒ් වගකිමෙන් කිසිසේත්ම මිදිමට නොහැකි බව අප කළ විමසුමකද් කින්නියා ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.

කෙසේ වෙතත් කින්නියා නගර සභාවේ සභාපතිවරයා විසින් කලපුව හරහා මගීන් ප්‍රවාහනය කිරීම සඳහා වන පාරු සේවය පවත්වා ගෙන යෑමට පුද්ගලයෙකුට බලපත්‍රයක් නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ප්‍රදේශවාසින් පවසා සිටින්නේ කලපුව හරහා යාමට ජනතාව විසින් භාවිතා කළ පාරුව කිසිදු ප්‍රමිතියකින් තොර එකක් වු බවය.
මෙහි ඇති අනතුරු දායක තත්වය සිදුවිමට සති 2 කකට පෙර ප්‍රාදේශිය youtube නාලිකාවක් මගින්ද රටට හෙළිකරන්නට යෙදුණි.

කින්නියා නගර සභාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article