රජය විසින් අද සිට රට විවෘත කරමින් සියළුම රාජ්‍ය සේවකයන්ට සේවයට පැමිණිම අනිවාර්ය කර තිබේ.මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා සිටින්නේ රජයේ තීරණයට පවතින අවදානම් සහිත වතාවරණය නිසා ඒකගවිමට බැරි බවය.
මේ අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයේ 23 කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසා තිබුණි.
ඉකුත් දිනවල වෛරස ආසාදිත රෝගීන් සිව්දෙනෙකු වරින්වර හමුවීමෙන් අනතුරුව ඉකුත්30 දින සිදුකරන ලද අහබු පි සිආර් පරීක්ෂණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් 19 දෙනාගෙන් 18 දෙනකුටම වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව වෛද්‍යතුමිය විසින් පවසා ඇත.එමෙන්ම පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.