Friday, September 20, 2024

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලාට අගමැතිගෙන් අද රෑ කෑමක් !

Must read

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අද (02) රාත්‍රී 7.30ට අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමකට වන අතර,  එහිදී හෙට (03) දිනයේ ආරම්භ වන පාර්ලිමේන්තු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
2020 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදය හෙට (03) පැවැත් වේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත

මේ අතර, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අගෝස්තු 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා වන ඡන්ද විමසීමද එදිනම සිදු කෙරෙන බව මේ අතර වාර්තා වේ.

වාසුගේ විරෝධය

මේ අතර, මුදල් ගෙවීමේ පදනම මත උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇති කිරීම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අදහස වී ඇතැයි ද පැවසේ.

රජය එරෙහි මහපාරේ විරෝධය

රජයට එරෙහිව මහ පාරේ විරෝධය දිනපතා ශක්තිමත් වෙමින් රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබේ.පසුගිය 24 වසර හිග වැටුප් ඉල්ලමින් මෙන්ම අධ්‍යාපනයේ හමුදාකරණයට එරෙහිව ගුරු විදුහල්පති අරගලය ලංකාවේ මෑත ඉතිහාසය තුල පැන නැගුණ ජවසම්පන්නම අරගලය බවට මේ වන විට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article