Friday, May 17, 2024

කැපුම් තුවාල සහිත සිසුන් 41 මැදිරිගිරියෙන් හමුවේ..

Must read

මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 41 දෙනෙකු  කැපුම් තුවාල සහිතව හමුවූ පුවතක් වාර්ථා වනවා. එම කැපුම් තුවාල ඒ සිසුන් විසින්ම කරගත් තුවාල වන අතර යමකිසි මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් පසු මෙසේ තමන්ටම තුවාල තරගෙන ඇති බවයි මැදිරිගිරිය පොලීසිය පවසන්නේ. මේ සිසුන් අතර පාසල් සිසුවියන් 7 දෙනෙකු සිටින බවත් වාර්ථා වනවා. istock_drugs_resized_test_000022833496_xxxlarge

මේ සිසුන් අයත් පාසලේ උපවිදුහල්පති විසින් මේ සිසුන්ගේ හැසිරීමේ යම් අමුතු වෙනසක් ඇති බව නිරීක්ෂණය කර ඇති අතර පසුව සොයාබැලීමේදී කැපුම් තුවාල සහිතව සිටි මේ සිසුන් පිරිස හමුවී තිබෙනවා. සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදී ඇති අතර පොලීසිය විසින් ඔවුන්ට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

සිසුන් පොලීසයට ගෙනයන අතරතුර එක් සිසුවෙකු පොලිස් රථයෙන් පැන යාමට උත්සහදරා ඇති අතර පොලිස් නිලධාරීන් සිසුන් පිලිබදව අවධානයෙන් සිටි නිසා පැනයාමට උත්සහය දැරූ සිසුවාගේ ඒ උත්සහය වලක්වා ගැනීමට සමත්වී වී තිබෙනවා. නමුත් මේ වන තෙක් මෙම මත්ද්‍රව්‍ය මේ සිසුන් වෙත විකිණූ ස්ථානයක් හෝ ලබාදුන් පුද්ගලයෙකු පිලිබදව සොයාගැනීමට පොලීසියට හැකිවී නැහැ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article