Thursday, May 2, 2024

කාර්දිනල් තුමන්ට නිනව් නැතිවුනාට, මාධ්‍යවේදීන් 44 කට ජිවිත අහිමිකළෙත් රාජපක්ෂලාම තමයි !

Must read

චැනල් 4 කතාවත් සමඟින් දැන් පාස්කු ප්‍රහාරය සිදුවිම නැවත වටයකින් ඉස්මතුවි තිබේ.

කාර්දිනල් හිමියන් කලක සිට පවසන්නේ බලය ලබාගැනිම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සිදුකර ඇති බවය.

දෛවයේ සරදම නම් පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාබය ජනාධිපතිවරණයට ඉල්ලද්දි ජනාධිපතිවරණය දවසේ කාර්දිනල් උන්නාන්සේ කියා සිටියේ උදෙන්ම ගොස් පුරවැසි යුතුකම ඉටුකරනා ලෙසය.

එදා එසේ කියු කාර්දිනල් හිමියන් දැන් කියා සිටින්නේ බලය ලබාගැනිම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සිදු කළ බවය.

කාර්දිනල් හිමියනි,සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඉතාමත් නිවරදිව කියා සිටින පරිදි ඉතිහාසයේ සිදුව ඇති එකම මනුස්ස ඝාතනය පාස්කු ප්‍රහාරය නොවන ඔබත් නොදන්නවා නොවේ

එහෙත කාර්දිනල් හිමියන්ට මෙන්ම දකුණේ කතෝලික සභා නායකයන් ඇතුලු අති බහුතරයකටත් කතෝලික සංවිධාන ඇතුලු කතාකාරයන්ගේත් පසුගිය කාලයේ හැසිරිම ගැන විමසා බලන කළ ඉතා පැහැදිලිව පෙනි යන්නේ සෑබෑ ක්‍රිස්තු අනුගාමියෙකු ලෙස සිය පැවිදි ජිවිතය තුල ජිවත්වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා කියා සිටින යථාර්ථය දකුණේ කතෝලික නායකයන් අමතක කර ඇති බවය.

චැනල් 4 විසින් පෙන්වා සිටියේ පාස්කු ප්‍රහාරය ගැන පමණක් නොව උතුරේ සහ නැගෙනහිරදි සිදුකරන ලද ඝාතනයන් මෙන්ම මාධ්‍යවේදීන් මරාදැමිම ගැනද ඉතා පැහැදිලි චෝදනා එල්ල කර තිබුණි.

අනික් වැදගත්ම කරුණ නම් පාස්කු ප්‍රහාරය ගැන දකුණේ මේ සංවාදය යන අතරේ මුලතිව් ප්‍රදේශයේ සමුහ මිනිවලක කැණිම් සිදුකරමින් තිබේ.

ඒ වැලපෙන මව්වරුන් කියා සිටින්නේ අපේ දරුවන්ව අපේම දෙපා යට වලදමා ඇති බවය.

කිතුණ දහමේ හරය නම් තමන්ට මෙන්ම තම සහෝදරයාටද එකසේ ප්‍රේම කරන ලෙසය.

එහෙත් අද රටේ සිටින අති බහුතරයක් ලේබල් කිකුණුවන්ට මේ දහමේ හරය ගැන මෙලෝ හැඟිමක් නැතිවා සේය.

ඉතින් කාර්දිනල් තුමෙනි අපට ඔබ ගැනත් ,ඔබ නායකත්වය දෙන අනෙකුත් කිතුණු නායකයන් බහුතරයක්  ගැනත් ඇත්තේ කණගාටුවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article