Monday, May 20, 2024

‘කාන්තා හිංසනයෙන් තොර ජීවිතයක් සමරමු’ – මන්නාරමේදී දැනුවත් කිරීමේ රැලියක්

Must read

කෝටි 100ක ජනතා නැගිටීම-2023 කාන්තා හිංසනයෙන් තොර ජීවිතයක් සමරමු –  යන තේමාව යටතේ මන්නාරම දිස්ත්‍රික් මාතර සංවර්ධන සංගමය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ උත්සවයක් අද (14) අඟහරුවාදා පෙරවරු 9 සිට 11 දක්වා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

මන්නාරම මාතර සංවර්ධන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මහාලක්ෂ්මි ගුරුශාන්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක කාන්තාවන් සිය ගණනක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් ද එක්ව සිටියහ.

කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට සහ කාන්තාවන් කායිකව හා මානසිකව ආරක්‍ෂා කර ගැනීමේ මෙම දැනුවත් කිරීමේ රැලියට මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තාවන් සියයකට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහිදී කාන්තාවන් විසින් බෙර සංගීතය වාදනය කරන ලද අතර කාන්තා සංවිධාන විසින් රචනා කරන ලද ගීත වාදනය කරන ලදී.

ඔවුන් මන්නාරම ප්‍රධාන නගර වටරවුම හරහා පෙරහැරකින් ගොස් ස්ත්‍රීවාදය අඳින ලද බිත්ති සිතුවම් නැරඹීමට ද ගියහ.

කාන්තා ජීවිත අභිවෘද්ධිය සඳහා එක් වෙමු, ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු ප්‍රජාවන් වෙනුවෙන් එක් වෙමු, ධනේශ්වර පාරිභෝගිකවාදයෙන් නිදහස වෙනුවෙන් නැගී සිටිමු, මහපොළොවට එරෙහි ප්‍රචණ්ඩත්වය නිමා කිරීමට නැගී සිටිමු, යන අත් පත්‍රිකා බෙදා හැරීම ද මේ සමඟ සිදු විය.

මන්නාරම මාතර සංවර්ධන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මහාලක්ෂ්මි ගුරුශාන්තන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මන්නාරම කාන්තා සුබසාධන සංවිධානවල ප්‍රධානීන් සහ කාන්තාවන් සියයකට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article