Monday, May 20, 2024

කාඩ්බෝඩ් මිනී පෙට්ටි සදහා විශාල ඉල්ලුමක්

Must read

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වී ඇති බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් ආරම්භ කල මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රියන්ත සහබන්දු මහතාය.

ඒ මහතා පවසන ආකාරයට මෙම මිනී පෙට්ටි සදහා ඉල්ලීම් දෙහිඕවිට, පැල්මඩුල්ල, වරකාපොල, බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විසින් තමන්ට ලැබී ඇති බවයි. ඊට අමතරව නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවෙන්ද තමන්ට ඉල්ලීම් ලැබී ඇති බවත් යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි 100ක් සදහා ඇණවුමක්ද ලබාදී ඇති බවද සහබන්දු මහතා පවසයි.

මෙම මිනී පෙට්ටිවල ඇති ප්‍රධාන වාසිය නම් ඒවා මගින් සිදුවන දූෂණය අඩු වීම බව පෙන්වා දෙන සහබන්දු මහතාට අනුව ලී මිනී පෙට්ටියක් සම්පුර්ණයෙන්ම දහනය කිරීමට පැය භාගයක් පමණ ගත වූවත් මෙම කාඩ්බෝඩ් පෙට්ටි විනාඩි පහකින් සම්පූර්ණයෙන්ම දැවිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article