Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කලු ජූලියේ 38 වන සැමරුම

Must read

1983 වර්ෂයේ ජුලි මාසයේදී  ශ්‍රී ලංකාවේ රාජ්‍ය මැදිහත්වීම මත සිදුවූ  ජාතිවාදී ප්‍රහාරයෙන් දෙමළ ජාතිකයින් විශාල ගණනක් මරාදැමූ අතර , බොහෝ දෙනෙකු රටහැර යන ලදී. මෙම ප්‍රහාරයේදී එවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් 53 දෙනෙකුව ඝාතනය කරන ලදී. අදටත් එම ඝාතන වලට සාධාරණයක් ඉටුවී නොමැති අතර තවමත් සිරගෙවල් වල දෙමළ දේශපාලන සිරකරුවන්ව සිරකර  සිටිති.

ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කැලලක් එක්කළ මෙම  ප්‍රහාරය කලු ජූලිය නමින් නම්කෙරුණ අතර අද උතුරු නැගෙනහිරදී කලු ජූලිය සමරන ලදී. දෙමළ ජාතික ජනතා පක්ෂය විසින් අද යාපනය, කල්මුණේ ,හා වව්නියාවේදී  කලු ජූලිය සමරා උද්ඝෝෂණය සංවිදානය කර තිබුණි. වව්නියාවේ පැවැත්වූ උද්ඝෝෂනයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රක්‍රමාර් පොන්නම්බලම් මහතා සහභාගී වන ලදී.  රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article