Monday, May 20, 2024

කල්මුණේ නගරයට අනවසරයෙන් ආ අමුත්තෝ

Must read


මෙම දර්ශනය  ඊයේ  (28) ,  කල්මුණේ නගරයේ නගරවාසින් තැතිගැන්වූ  දසුනකි. කිසිවෙකුගේ අවසරයකින් තොරව කල්මුණේ  අගනගරයට ඇතුල් වු වන අලි රංචුවක් නිසා  නගරයේ ජනතාව තරමක් තැති ගැන්වුණත් ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුණි.  පහලොස්දෙනෙකුගෙන් සැදුන වන අලි රංචුව කල්නමුණේ නගරය, සෙනෙයිකුඩිරුප්පු, නර්පිටිමුනෙයි සීමාව හරහා අම්පාරා වනාන්තරය හරහා ඇතුළු වී ඇති අතර අලි පැටවුන් සමගින්  අලි රංචුව අස්වැන්න නෙළන ලද කුඹුරු කරා  ඇදුන බව දුටු  නගරවාසීන්ට මහත් සැනසිල්ලක් විය. කල්මුණේ  ප්‍රදේශයේ මෑතකදී  කෘෂිකාර්මික අස්වැන්න නිම කිරීමෙන් පසු සිය ගණනක් අලි ඇතුන් මෙම ප්‍රදේශයට පැමිණ තිබේ. වන අලි පාලනය කිරීම සඳහා විදුලි වැටවල් සකස් කිරීමට අතීතයේ දී බොහෝ පාර්ශවයන් පොරොන්දු වූ නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැත.


දේවා

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article