Saturday, May 18, 2024

කරුත් බෑ කියපු ,සජිත්ටත් එපා කියපු අගමැති කම තමයි ජනපති මහින්දට දිලා තියෙන්නේ !

Must read

සිරිසේන ජනපතිපාර්ලිමේන්තු වටරවුමේ අද  පැවැති රැස්විම තුල එහා මෙහා ගිය දේශපාලන කථා මිසයිල කිපයක් ගැන දැන් පුළුල් කථාබහක් දේශපාලන සමාජය තුල දැන් මතුව තිබේ.
මේ ඇතැම් ප්‍රකාශයන් දැන හෝ නොදැන කර තිබුණද පවතින දේශපාලන සංදර්භය තුල එකි ප්‍රකාශයන් යළි අරුත්ගන්වා ලු විට ඉන් කියැවෙන දේශපාලන පණිවිඩය ඇත්තටම කථාබහක් මතු කරන්නට තරම් කාරණා සපයා තිබේ.
මේ අරභයා අද දිනයේ ජනපති සිරිසේන විසින් කරන්නට යෙදුන එක් හෙළිදරව්වක් පැහැදිලිව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂව දේශපාලනික මහත් සේ හෑල්ලුවකට ලක් කර ඇතැයි කියා සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේම සාමාන්‍ය ක්‍රියාකාරින් විසිනි.
එනම් තම නායකයාට දි ඇත්තේ කරුත් අකමැති වුණ සජිතුත් බෑ කියපු අගමැති කම නේදැයි කියන ප්‍රකාශයේ ඇති දේශපාලන හැගවුම වන්නේ කෙනෙක් නැති නිසා දුන්න එකක් යැයි කියන්නා මෙන්ය.
පහත පළවන්නේ ජනපති සිරිසෙන ඒ ගැන පවසා සිටි අන්දමයි…..

එජාප පාක්ෂිකයන්ගේ සහායෙන් බලයට පත්වූ ඔබට මහින්ද රාජපක්ෂ පත්කිරීම විනා විකල්පයක් තිබුණේ නැත්ද කියා මගෙන් අහනවා. කරු ජයසූරිය මහතාට මම කිව්වා මතක නැත්ද මීට මාස අටකට පෙර විකල්පය ඔබට කිව්වා කියලා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කථානායක කරු ජයසූරිය මහතාට කිවිව් අගමැති පුටුව භාර ගන්න කියලා.”

“කරු ජයසූරිය මහතාට මම වැන්දේ නැති ටික විතරයි. අවසානයේදී කථානායක මාව හමුවෙන්න ආවා. මාව හමුවෙන්න තනියෙන් එනවා කිව්වා කරු ජයසූරිය මහතා හිටපු අගමැති කරු ජයසූරිය මහාතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක ඇවිත් කිවේවේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑ කියලා. කරු ජයසූරිය එදා ඒ විදිහට මාව අමාරුවේ දැම්මා. මේ කතාව අහගෙන ඉන්න එජාප පාක්ෂිකයනින් මම ව්‍යායාම අත්හැරියේ නෑ. පසුගිය මාස දෙකේදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෙදරට එන්න කියලා ඔබේ නායකයාත් එක්ක වැඩ කරන්න මට බෑ කිව්වා. මම සජිත්ට කිව්වා මාස හයකට කලින් බාර ගන්න කියලා. ඔහු පස්ස ගැහුවා. මම සජිත්ට කිව්වා රනිල් අයින් කරමු ඔබ අගමැති බාර ගන්න කියලා මම කිව්වා. මහින්ද රාජපක්ෂ හැතිතුමා පත්කළේ ගිය සතියේ. මාස දෙකක් හවසට හවසට සජිත්ට කිව්වා මම ප්‍රශ්න විසඳන්නමි කියලා. සජිතුත් කිව්වේ නායකතුමාත් එක්කමට හැප්පෙන්න බෑ කියලයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article