Sunday, February 23, 2025

කටුනායක හා මත්තල ආරක්ෂාව දැඩි කරයි

Must read

කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා (14) රාත්‍රීයේ ගුවන්තොටුපලට ඊමේල් පණීවිඩයක් ලැබීම හේතුවෙන් කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම තොරතුර තහවුරු නොකල තොරතුරක් වන අතර පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් මෙලෙස ගුවන් තොටුපලවල ආරක්ෂව දැඩි කිරීමට තිරණය කල බවත් ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇති බවත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article