Thursday, May 16, 2024

ඔස්ට්‍රේලියා යන්න ගිය මීගමු බෝට්ටුවක් නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට

Must read

 

මීගමුවේ සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බෝට්ටුවක් අද (12) පෙරවරුවේ ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එය නාවික හමුදාව විසින් පස්වරු 3.15 ට පමණ වාලච්චේන නාවික හමුදා කඳවුර වෙත ඇදගෙන යනු ලැබුවා.
පොලීසිය විසින්  බෝට්ටුවේ සිටි පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන අම්පාර පානම පොලීසියට භාරදී තිබේ.
නාවික සෙබළුන් ලද තොරතුරක් මත අද අලුයම 2 ට පමණ සැකකටයුතු බෝට්ටුවක් මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටිනු දැක එය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පිරිමි ළමුන් 6 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 36 දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන භාර දී ඇත. පානම පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, යාපනය, මඩකලපුව සහ වාලචේන ප්‍රදේශවල පුද්ගලයින් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.
යාත්‍රාවේ හිමිකරු සහ ඔහුගේ බෝට්ටුව අධිකරණ කටයුතු සඳහා නාවික හමුදාව විසින් වාලච්චේන පොලිසිය වෙත භාරදී තිබේ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article