පසුගිය දින දෙකක උතුරේ මාධ්‍යවේදන්ට ජනමාධ්‍ය ආචාරධර්ම ගැන වැඩමුළුවක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබුණි.
ජනමාධ්‍යයට අදාලව වැඩිම කථාබහක් මේ කාලයේ නිර්මාණය වි ඇත්තේ සමාජ මාධ්‍ය ආරක්ෂණ පණත මුල්කරගෙනය.
විශේෂයෙන්ම දකුණේ දේශපාලන කණ්ඩායම් මෙන්ම මාධ්‍ය සංවිධානද පහුගිය කාලය තුල මේ පණතට එරෙහිව විවිධ ආකාරයේ විරෝධතා දැක්විම් සංවිධානය කර තිබුණි.එහෙත් එයට සාපේක්ෂව උතුරේ හෝ නැගෙනහිර මාධ්‍යවේදින් මේ ගැන ඒ තරම්ම වද වෙනු දක්නට නොලැබුණි. පණත නිසා දකුනේ මාධ්‍ය සංවිධාන මේ ගැන වද වුනද උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය මර්ධනයද සකලාකාර මර්ධනයන් පවතින්නේ දැන් කලක පටන්ය.
යුද්ධයෙන් මිය ගිය තම අදරැතියන් වෙනුවෙන් වැලපෙන පින්තුර ෆේස් බුක් පිටුවල බෙදාගත් නැගෙනහිර ඇතැම් තරුණයන්ට ඊට වන්දි ගෙවන්නට වුයේ වසරකට වැඩි කාලයක් ත්‍රස්ත පණත යටතේ සිරගෙවල් වල ලගමිනි.
එහෙත් මේ මර්ධනය දකුණේ මාධ්‍ය සංවිධාන හෝ දේශපාලන බලවේග වලට දැනුනේ නැත.
මේ නිසාම එදා පටන්ම උතුරේ මෙන්ම නැගෙනහිර මාධ්‍ය ක්‍රියාකාරින් මෙන්ම සමාජ දේශපාලන ක්‍රියාකාරින්ද මේවාට මුහුණ දිමට පුරුදුව සිටියහ.
උතුරේ සහ නැගෙනහිර කලක පටන් පැවැති එහෙත් දකුණට එතරම් නිනව් නැතුව තිබුණ මර්ධනය දැන් පණත් ලෙසින් එක පිට එක පැමිණෙමින් තිබේ.
ඇත්ත නොලියන ඇත්ත නොකියා හිට් වැඩිකර ගැනිම සදහා කටයුතු කරමින් සිටි සමාජ මාධ්‍ය කරුවන් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවභාවිතා කළ වුන්ද මෙවැනි මර්ධන පණත් සකස් කිරිමට දේශපාලකයන්ට උඩගෙඩි දුන් පිරිස අතර වන බවද අප අමතක නොකළ යුතුය.
ජඩකම දේශපාලනය කර ගත් ජනතා මුදල් අවභාවිතා කරන බහුතරයකට සමාජ මාධ්‍ය සමගින් ඇත්තේ බද්ධ වෛරයකි.
ආචාරධාර්මික සමාජ මාධ්‍ය භාවිතාවක් මෙන්ම ජනමාධ්‍ය භාවිතාවක්ද ක්‍රියාත්මක නැති පසුබිමක දේශපාලකයන්ට මර්ධනය සුජාත කිරිම සදහා වැඩි ඉඩකඩක් නිර්මාණය කර දි තිබේ.
පසුගිය දිනක ඉහලම නිලයක් දරන ප්‍රධාන පෙලේ භික්ෂුන් වහන්සේ නමක්ද සමාජ මාධ්‍ය නියාමනය කිරිම සදහා පණතක් ගෙන ඒම ගැන හොද කියා යැයි කියා තිබුණේ මෙවැනි පසුබිමකය.
තතු එසේ වුවද ඇත්ත ලියන ඇත්ත කියන මාධ්‍යවේදින් හෝ සමාජ දේශපාලන ක්‍රියාධරන් කොටුකිරිමට ඇමති ටිරාන්ගේ මේ පණතට නොහැකි වුන ඇත.ආචාරධාර්මික ප්‍රවේශයක් සැබැවින්ම අවැසි වන්නේද ඒ නිසාමය
ජනමාධ්‍ය ආමාත්‍යංශයම මැදිහත්වි ජනමාධ්‍ය ආචාර ධර්ම කියා දිම කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අයට මෙි ගැන යළි යළිත් මතක් කර දිම නම් ඉතාමත් වැදගත්ය. ගැටලුව ඇත්තේ ආචාරධාර්මික මාධ්‍ය සංස්කෘතියක් භාවිතාවේ යොදන මාධ්‍ය ක්‍රියාකාරින් කොයිතරම් ප්‍රමාණයක් මෙවැනි වැඩමුලු හරහා බිහිකර ඇතැයිද සැබැවින්ම විමසා බලන කල්හීය.සති අන්ත පුරාවට කොළඹත් වෙනත් නගරවලත් මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩමුළු වල අඩුවක් නැත.ඒ වෙනුවෙන් විශාල මුදල්ද වැය කෙරේ.
එහෙත් මේ අය අතරින් අචාරධාර්මික මාධ්‍ය භාවිතය තම වෘත්තිය ජිවිතය කරගත් අය සිටින්නේ කී දෙනෙක්ද යන්න වැඩමුළු සංවිධාකයන් විසින් පවා ගැඹුරින්ම සිතා බැලිය යුතු කරුණක්ව තිබේ.