Thursday, January 23, 2025

ඔක්සිමිටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3,000 යි !

Must read

මේ දිනවල ඔසුසැලක් ඇතුලට ගිය විට එහි සිටින බහුතරයක් දෙනා ඉල්ලුම් කරනු ලබන දැ අතරට වෙනදා මෙන්ම එක්ව ඇති අලුත් ලයිස්තුව සැකසි ඇත්තේ කොරෝනා වලට හොද යැයි කියන විවිධ දේවල්ය.
මේ අතර උණ කටු මෙන්ම ඇති හැකි අය ඔක්සිමිටරද ඉල්ලති.

මේ නිසාම කොරෝනා කාලේ පාරිබෝගියක ආලය වැඩිපුර ගොස් ඇති දේවල් වලදි ප්‍රමිතිය කෙසේ වෙතත් මිළ අඩුනම් වැඩේ ගොඩය.
එහෙත් ප්‍රමිතියකින් තොර ඔක්සිමිටරයක් මිළ ගැනිම යනු සැබැවින්ම අලාභයක් පමණක් නොව බරපතල ප්‍රශ්ණද ඇතිකරවන්නකි.


මේ අතර කොවිඩ් -19 වෛරසයේ පැතිරීමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමිටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3,000ක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ ප්‍රකාශ කර තිබුණි.

රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ ( 02) පැවති රැස්වීමකදීය.

මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර මෙරටට රැගෙන එන ඔක්සිමිටර්, ස්වයංක්‍රිය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රන යන්ත්‍ර ගෙන ඒමට අවසර ලබාදීමේදී ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවදානය යිමු කරන ලෙස ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article