එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (06) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ.එහිදී පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන සහ එන්නත්කරණය සිදුකරන කාණ්ඩය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ අතර ළමුන් දෙසියකට අඩු පාසල් ඉදිරි සති දෙක තුන තුළදී යළි විවෘත කිරීමට රජයේ සැලසුම් කර තිබේ.