Monday, May 6, 2024

එඩ්ස් තරම් භායනක ඉස්සාගේ කථාව පට්ටපල් බොරුවක් ! තක්කඩි ව්‍යාපාරික ගැටයක් !

Must read

prawn issueමීඩියා වෙත ලණුවක් 

භයානක රෝග සහිත වනමි (Vannamei) නැමැති ඉස්සන් විශේෂයක් ලංකාවට ගෙනවිත් තිබෙන බවට පළවූ වාර්තා සියල්ල අමූලික අසත්‍ය බව වාර්තා වෙයි.

මව්බිම පුවත්පතේ වාර්තා කර තිබු ආකාරයට එම ඉස්සන් හරහා බෝවන එක් රෝගයක් ඒඩ්ස් තරම් බරපතළය.

කෙසේ වුවත් මේ පිළිබඳ අප සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාළ පුවත මුළුමනින්ම ව්‍යාපාරික ගැටයක් බවය. ඒ නැතිනම් වනමි ඉස්සන් ව්‍යාපෘතිය මෙරට ඇරඹීමට එරෙහිව ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය නම් ඉස්සන් කොටු මුදලාලිලාගේ විරෝධයේ කොටසක් බවය.

ව්‍යාපාරික ගැට එහෙමය. ඔවුන්ට ලාභය අංක එක කරගන්න ඕන ගේමක් ගහන්න දෙවරක් සිතන්නේ නැත. එහෙත් රටේ ආර්ථිකයට සහ ජනජීවිතයට සංවේදී කාරණාවක් සමාජගත කිරීමේදී මීටවඩා වගකීමකින් කටයුතු කළයුතුව ඇත. එහෙත් ලංකාවේ ෆට්ට මීඩියා පොරවල් වලට ඒවා අදාළ නැත.  ලංකාවේ මීඩියා වැඩ එහෙමය. ඒ නිසාම හැඩට අනාගන්න අවස්ථාද ඕනෑතරම් ය. වනමි ගැන කතාවද එසේමය.

තක්කඩියන්ගේ ව්‍යාපාරික ගැටය 

මේ සුදානම ඒ පිළිබඳ පෙළින් පෙළට කරුණු දක්වන්නය.

වනමි ඉස්සන් මෙරටට ආනයනය කිරීම සම්බන්ධව මුලිකව විරෝධය පළකර සිටියේ ඉස්සන් මුදලාලිලාගේ සංගමය මැදිහත්වය. එහි සභාපතිද කවුද කියාගත් කෙනෙක් එක මොහොතින් වෛද්‍යවරයෙක් බවට පත්වුයේ වනමි ඉස්සන්ට භයානක රෝග ව්‍යාප්තියක් ගැන කියමින්ය.

එසේම ම සතුන් මෙරටට ගෙන ඒමේදී පිළිපැදිය යුතු නීති රීති කඩකර ඇති බවද ඔහුගේ චෝදනාවේ විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වනවිට වනමි ඉස්සන් විශේෂය වගා නොකරන අතර හදුනා නොගත් භයානක රෝග 6 ඊට හේතු බවද ඔහු පවසා තිබිණ.

ඒ හේතුවන් මෙරට ඉස්සන් වගාවත් අනතුරේ බව ඔහු පවසා තිබිණ. අවසානයේ ඔවුන් පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කරන්නේ මෙරට පොකුණු ඉස්සන් වගාව විනාශ කළ හැකි ව මී නමැති ඉස්සන් වර්ගයක් සංවිධනාත්මක ව්‍යාපාරික ආයතනයක් විසින් මෙරටට ගෙන්විමට ගෙන ඇති තීරණය වහාම නවතන ලෙසට ඉල්ලමින්ය.

පැහැදිළිවම අප ඔහුට ව්‍යාපාරිකයෙක් ලෙස සහ නිෂ්පාදකයෙක් ලෙස ගරු කරමු. එහෙත් වනමි ගැන වනපු බොරු සහ ඒ තුළ සමස්ථ සමාජයක් නොමග යැවීමට ගත් උත්සාහය හේතුවෙන් හේ අමුම අමු තක්කඩියකු බවද පවසමු. ඉතින් ඒ තක්කඩියා සමඟ එකතුවූ පිස්සු මීඩියා හනුමලාටද මේ විවේචනය පොදු බවද සිහිපත් කරමු.

වනමි විශේෂත්වය !

මෙතෙක් මෙරට ඉස්සන් වගාව සඳහා යොදාගන්නේ මොනඩොං නමැති ඉස්සන් වර්ගයයි. මෙම වනමී වර්ගයේ ඉස්සන් මෙරටට ආනයනය කිරීමට තීන්දු කරනු ලබන්නේ එම ඉස්සන් හරහා ලැබිය හැකි අස්වැන්න අධික වීමත්, නිෂ්පාදන පිරිවැය අවමවීම සහ නිෂ්පාදන හානි අවම වීම යන කාරනාය.

එනිසාම ඉන්දියාව පවා මෙතෙක් ඉස්සන් වගාව සඳහා යොදාගෙන සිටි මොනඩොං ඉස්සන් වෙනුවට වනමි වර්ගයේ ඉස්සන් යොමුව ඇත. එපමණක් නොව තායිලන්තය, වියට්නාමය වැනි රටවල් වල ඉස්සන් නිශ්පාදනයෙන්  සියයට හැත්තෑවකට වඩා යොදාගන්නේ වනමි ඉස්සන් වර්ගයය. ඇත්තටම ඉහත තක්කඩි රංචුව කළබල වූයේද මේ ගැන ඔවුන් හොඳින් දැනසිටි නිසාය.

 සියළු කටයුතු නීත්‍යානුකුලව !

එහෙත් ඒ තක්කඩියන් දැනගත යුතුව ඇත්තේ මේ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් පමණක් වන බවය. එය පළමුව මෙරට ධීවර අස්වනු වැඩි කිරීමේ සහ වැඩි අපනයන ආදායමක් ඉලක්ක කර ධීවර අමාත්‍යංශය විසින් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා  සිදුකිරීමට නියමිතව තිබී ඇති නමුත් ප්‍රාග්ධන ප්‍රශ්න මත එය පෞද්ගලික සමාගමකට පවරා ඇත. එම සමාගමද මෙම නියමු ව්‍යාපෘතිය සඳහා මැදිහත්ව සිටින්නේ වනමි ඉස්සන් ව්‍යාපාරයේ ඒකාධිකාරයක් වෙනුවෙන් නොවේ. ඔවුන්ගේ අපේක්ෂාවද අඩු නිෂ්පාදන පිරිවැයක් තුළ වැඩි අස්වනු ප්‍රමාණයක් ලැබීමය. ඒ හරහා ආනයන ඉස්සන් ප්‍රමාණය වැඩි කර ගැනීමය.

එසේම මීට මැදිහත්ව ඇති පාර්ශව වල අපේක්ෂාව නවමි ඉස්සන්ගේ වැඩි අස්වනු යොදාගෙන 2020 වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2ක් බවට වර්ධනය කිරීමය. ඊට එරෙහි පාර්ශවය උත්සාහ කරන්නේ තමන්ට අහිමිවූ මේ ව්‍යාපෘතිය තමන්ට නැත්නම් කාටවත් නැති වන ලෙස වැදුම් ගෙයි අහවර කරන්නටය. ඒ වෙනුවෙන් ජනතාව අතර හුඹස් බියක් ජනිත කිරීමය. වැදගත් ව්‍යාපාරික ප්‍රජාවක් වෙත අප ගෞරවයෙන් තක්කඩි නම්බුව පිරිනමන්නේද ඒ නිසාය.

එසේම මෙම ඉස්සන් තොගය ලංකාවට ගෙනවිත් ඇත්තේද නියමිත නෛතික ක්‍රියාවලිය තුළ වන අතර ඒ වෙනුවෙන් වන සාක්ෂි සියල්ල ඔවුන් සතුව ඇත. සාඩා නඩය කටමැත දොඩවන රෝග නම් කොහොමටත් වනමි ඉස්සන්, වගාව සඳහා යොදා ගන්නට පෙර පරීක්ෂා කරන රෝගය. එම රෝග මෙම ඉස්සන්ට නොමැති බව හවායි ජීව පර්යේෂණ ආයතනය  SPF Vannamei shrimp සහතික කර ඇත.

නරි වාදන් සියල්ල තොලොන්චියි : පුර්ණ විනිවිදභාවයෙන් සියල්ල සිදුවෙයි 

ඒ පදනමින් ගෙනවිත් ඇති මේ ඉස්සන් කිසිම ආකාරයට නිදහස් කර නොමැති අතර ඒ අදාළ සාම්පල් පරීක්ෂා කිරීම් සඳහා පේරාදෙණිය වෙත යොමුකර තිබෙන නිසාය. එපමණක් නොව ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ බත්තුලුවේ පරීක්ෂණාගාරය වෙතද අදාළ සාම්පල් යොමුකර ඇත. අනෙක් අතට මෙම නියමු ව්‍යාපෘතිය සඳහා යොදාගන්නට අපේක්ෂිත බිම අනෙක් ජලජ පද්ධති සමඟ සම්බන්ධයක් නොමැති ස්ථානයක්ය.

සියල්ලටම වඩා වැදගත් කාරණය වන්නේ  කිසියම් හෝ රෝගී තත්ත්වයක් මෙම සතුන් වෙතින් අනාවරණය වුවහොත් එම සතුන් තොගයම විනාශ කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඊට සාක්ෂි දැරීමය. ඒ වෙනුවෙන් වන වගකීම ගෙන තිබීමය. ඊට අදාළව පෞද්ගලික සමාගම සමඟ ගිවිසුම්ගතව සිටීමය.

 ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ තහවුරුව !

එපමණක් නොව ඊයේ (09) ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිද අවධාරණය කර සිටියේ ඒඩ්ස් රෝගයට සමාන රෝග සහිත ඉස්සන් විශේෂයක් ලංකාවට ගෙන්වා ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශයක් බවය.

“අපිට හවායි වලින් සහතිකයක් ලැබුනා රෝග දහයෙන් නිදහස් කියලා. නමුත් අපිත් පරීක්ෂා කරනවා.මේ වාර්තාවෙන් එකදු රෝගයක් හෝ අපි හදුනාගත්තොත් මුළු සත්ව කාණ්ඩයම විනාශ කරන්න අපි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ” ලෙසද ඔහු සඳහන් කර තිබිණ.

ධීවර අමාත්‍යාංශයත් සාක්ෂි  !

මේ පිළිබඳ අප ධීවර අටයුතු විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ඇමතු විට ඔහුද සඳහන් කර සිටියේ මේ නියමු ව්‍යාපෘතියක් පමණක් බවත් පර්යේෂණ දත්ත මත පමණක් ඊළඟ පියවරට යොමුවන බවය.

 නාරා ආයතනයත් ඒ මතයේම !

මේ පිළිබඳ නාරා ආයතනයේ අදහස වන්නේද ඉස්සන් වගාවේදී එහි කටයුතු නියමිත ප්‍රමිතියට සිදුනොකළහොත් කොහොමටත් ඉස්සන්ට වැළඳෙන රෝග වැළඳීමට ඉඩ ඇති බවත්, එහිදී වනමි ද මොනඩොන් ද යන්නේ වෙනසක් නොමති බවය.

සාඩා නඩයට බයිපෝලා !

සාඩා නඩය අද පිස්සු හනුමලා මෙන් රට ගිනිතියමින් සිටියත් 2015 වසරේ ඔවුන්ද වනමි ඉස්සන් වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව  පිස්සු හනුමන්ලාගේ නාඩගම ඉතා පැහැදිළිය. සාඩා නඩය දොස්තරට ඇඳ වසංගත ගැන නංදොඩවන්නේ වෙනත් අරමුණක් ඉටුකර ගන්නටය. එතකොට මීඩියා ! අපට ප්‍රශ්නය ඇත්තේද ඒ ගැනය. මේ අනාවරණය අප සිදුකළේද අපි හැමෝම මිඩියා වුවත් භාවිතාව තුළ වෙනස්කම් ඇතිබවද තහවුරු කරන්නටය.

newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article