Saturday, May 18, 2024

එක රටක් ! නීති ගොඩක් ! තිලිපන්ට දෙයාකාරයකට සැලකීම ?

Must read

තම ජනයාගේ ජන ජිවිතයට බලපාන ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් මරාන්තික උපවාසයක් කළ තීලිපන් ජිවිතයෙන් සමුගෙන වසර 36කි.

දමිළ බස කතා කරන උතුරේත් නැගෙනහිරත් ජනයා වසරක් පාවා දින කිපයක් තිස්සේ මේ සැමරුමට සුදානම් වෙති.

පොතුවිල් සිට යාපනයේ නල්ලුර් දක්වා ඇරඹුන සමරු රථ පෙළපාලියට ත්‍රිකුණාමලයේදි ජාතිවාදින් පිරිසක් පහර දි තිබුනේ පොලිසියද බලාගෙන සිටියදිය.

මේ අතර පසුගිය 19 වනදා කොළඹ සාමාජිය හා සාමයික කේන්ද්‍රයේදි තිලිපන් සමරු වැඩසටහනක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.එහෙත් පසුව එය අවලංගු කිරිමට සිදුව තිබුනේ CSRආයතනයට එල්ලවි තිබුන බලපෑම් නිසාවෙන් බව එහි සංවිධායකයෝ පවසා සිටියහ.

එදින එතනට රැස්ව සිටි ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සත්‍යවේල් පියතුමා ඇතුලු පිරිස හමුවිමට පැමිණ තිබුන පොලිසිය අධිකරණය නියෝගයක් පෙන්වමින් කියා තිබුනේ තිලිපන් සැමරුම නොකල යුතු බවය.

මෙම සැමරුම කල්දැමිමට සිදුවු හේතුව ගැන පුවත් පත් සාකච්ඡාවක් සංවිධානය කිරිමට සංවිධායකයන් සුදානම් වුවද ඊටද පැමිණ සිටි පොලිසියේ නිලධාරින් ඉඩ ලබානොදුන්නා පමණක් නොව සත්‍යවේල් පියතුමාට අනියම් ආකාරයෙන් තර්ජනය කිරිමට තරම් මේ නිලධාරින් කටයුතු කර තිබුණි.

කොළඹ තතු මෙසේව තිබියදි වව්නියාවේදි මෙන්ම යාපනයේදිද සමරු රථ පෙලපාලිය නවතා දමන ලෙසට පොලිසිය අධිකරණයෙන් කර තිබුන ඉල්ලිම ප්‍රතික්ෂේප තිබුනි.

ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ මෙම සමරු පෙළපාලිය නවතා දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමට උසස් නිලධාරින් පිරිසක් හෙළිකොප්පරකින් යාපනයට ගොස් තිබුන බවය.

කෙසේ වෙතත් වව්නියාවේදි මෙන්ම යාපනයේදි අධිකරණය පොලිස් ඉල්ලිම් ප්‍රතික්ෂේප කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article