Sunday, May 5, 2024

ඇමති හරීන් වෛද්‍ය උපදෙස් මත හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවෙයි !

Must read

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෛද්‍ය උපදෙස් මත හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත ව වු බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ තමාගේ දණහිසේ තිබූ රෝගී තත්ත්වයක් උත්සන්න වූ බවත්, විදේශගතව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමාට උපදෙස් දුන්  බවත්ය.

“යාල හිල්ටන් හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ මම ඉන් අනතුරුව රූපවාහිනී කතාමාලාවකට සහභාගි වුණා. මේ සිදුවීම් දෙකෙන් පසුව උත්සන්න වූ දණහිසේ ආබාධය නිසා වෛද්‍ය උපදෙස් පැතුවා. පිටරට ප්‍රතිකාර ගන්න කියලා ඔවුන් මගෙන් ඉල්ලීමක් කරලා මම දිවයිනෙන් පිටත් වුණා. “ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විවාදය මඟහැර ගිය බවට ඇතැමුන් තමන්ට චෝදනා කරන බැවින් ප්‍රකාශයක් ලබාදීමට තමන් තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ ස්ථාවරය වෙනස් වී නැති අතර වෙනස් වන්නේද නැතැයි ඔහු පැවසි යැයි එම වෙබ් පුවතේ වැඩි දුරටත් සදහන්ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article