Friday, May 17, 2024

උතුරේ ශිෂ්‍යයන් හා මුස්ලිම් නායකයන් ගෙන් කේපාපුලවූ සටනට සහාය | VIDEO

Must read

හමුදාව වාඩිලා සිටින ඉඩම් නැවත ලබා ගැනීම පිණිස දියත් කර ඇති කේපාපුලවු ජනතා සටනට සති තුනක් ගතවීත් විසඳුමක් නොදීම ගැන විරෝධය පාමින් උතුර පුරා පාසල් සිසුන් උද්ඝෝෂණයේ යෙදුනු අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ මුස්ලිම් සංවිධාන සත්‍යග්‍රහ භූමියට පැමිණ සහාය පල කර ඇත.

යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෑසන පැයක විරෝධතාවක් පවත්වා තිබේ.

මහජන සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු හමුදාව ඉඩම් හිමියන් ගස් යට ලගින්නට සැලැස්වීම කවර ආරක්ෂාවක් දැයි එක් ශිෂ්‍යයකු මාධ්‍යවේදීන් හමුවේ විමසා සිටියේය.

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුලතිව්, නිරාවිපිට්ටි, තන්නීර්උට්රු සහ හිජ්රාපුරම් යන මුස්ලිම් දේවස්ථානවල පරිපාලන සභා නායකයෝ කේපාපුලවූ උද්ඝෝෂණ භූමියට පැමිණ සහාය පල කර සිටියහ.ඉඩම් නිදහස් කළ බවට රජයෙන් මීට ඉහතදී ලද නිවේදනයක් පරිදි පදිංචියට ගිය අවස්ථාවේ බලධාරීන් විසින් ඊට අවසර දීමෙන් වැළකී සිටීමට විරෝධය පාමින් මුලතිව් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් ගේදොර අහිමි වූ මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී වසමට අයත් පිලව්කුඩියිරුප්පු ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් විසින්  උපවාසයක් ආරම්භ කරන ලද්දේ ජනවාරි 31 අඟහරුවාදා උදෑසනයි
www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article