Thursday, May 16, 2024

උතුරේ මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට හමුදාවේ බලපෑම්

Must read

මුලතිව් දිස්ති‍්‍රක්කයේ වට්ටුවාකල් ප‍්‍රදේශයේදී පසුගිය 07 වනදා මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ගේ  රාජකාරියට  හමුදා නිලධාරීන් සහ පොලිසිිය විසින් බාධා පමුණවමින් ඔහුට බලපෑම් ඒල්ල කරන ලදී. මාධ්‍යවේදී කුමනන් මෙම සිදුවිමට මුහුණපෑවේ මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය නාවික හමුදා කදවුරට ජනතා ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පාමින් ජනතාව  ඒක්රැස්වූ අවස්ථාව වාර්තා කරන්නට යාමේදීය. ඒම සිදුවීම ඒදින පෙරවරු 8.00 පමණ සිදුවී ඇති අතර ඒම අවස්ථාවට ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හමුදාව මෙන්ම පොලීසියද සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාව වාර්තා කරමින් සිටින කුමනන්ට බලපෑම් කරන ඒම ස්ථානයේ සිටින නාවික හමුදා නිලධාරීන් ඔහුගේ මාධය හැදුනුම්පත පරීක්ෂා කර බලන ලෙස කීපවිටක්ම ප්‍රසිද්ධියේ පවසන අතර පොලිස් නිලධාරීන්  ඔහුව අල්ලාගෙන ඔහුව පසෙකට ගෙන හැදුනුම්පත පෙන්නන ලෙස ඔහුට බලපෑම් සිදුකරයි. මෙම ක්‍රියාව මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමකි. 28 හැවිරිදි මාධ්‍යවේදී කුමනන් සහ 35 හැවිරිදි  ෂන්මුගම් තවසීලන්  යන මාධ්‍යවේදීන් 2020 ඔක්තෝබර් 12 වැනිදා  මුලතිව්හිදී මුරිප්පු කැලයේ සිදුවූ  නීති විරෝධී  දැව ඡාවාරමක් පිළිබඳව හෙළදරව් කිරීමට ගොස් සිටි අවස්ථාවේදී  දැව ඡාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට  ලක්විය.
2021 වර්ෂයේ නොවැම්බර් 27 වනදා මාධ්‍යවේදී විශ්වලිංගම් මහතාට  මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වාර්තාකිරීමකට ගොස් සිටි අවස්ථාවේදී හමුදාව විසින් පහරදෙන ලදී.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article