Monday, December 23, 2024

උතුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය නැව් ගැන නාවුක හමුදාව පියවර නොගන්නේ ඇයි ?

Must read

මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ඉන්දීය නෞවුකා 50 කට වැඩි ප්‍රමාණයක් ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් පියවර නොගැනීම ගැන  ධීවරයින්  චෝදනා කර සිටියි. මුලතිව්  මුහුදේ දින ගණනාවක් පුරා සිදුවන ඉන්දියානු ධීවරයින්ගේ නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් විශේෂ හදිසි රැස්වීමක්  (10) සවස කල්ලපඩු ගම්මානයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ධීවර සංගම් නියෝජිතයින් සහ හිටපු උතුරු පළාත් සභාවේ සාමාජික තුරිරාසා රවිකරන් මහතා සහභාගී වූ අතර එහිදී ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට එරෙහිව ධීවරයින් බරපතල චෝදනා ඉදිරිපත් කළහ.

මුලතිව් හි වෙරළබඩ ප්‍රදේශවල සිටින ඉන්දියානු ධීවරයින්ව නාවික හමුදාව විසින් නිරීක්ෂණය කරන බවත් ඔවුන් නැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොගැනිම ගැන මෙහිදී  ධීවරයින්  සාකච්ඡා කරන ලදී. මේ ආකාරයට දිගටම සිදුවුවහොත් ධීවරයින් තනිවම මුහුදට ගොස් දකුණු ඉන්දීය ධීවරයින් නැවැත්වීමට පියවර ගන්නා බව ද ධීවරයින්  ප්‍රකාශ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article