උතුරු පළාත තුල සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරේ ආරක්ෂක අංශ පවසයි.ඒ අනුව උතුරු පළාත තුල ආරක්ෂාවද මේ වන විට දැඩි කිරීමට පියවර ගෙන ඇත
ඊයේ (27) දින වන්නි යුද හමුදා බුද්ධි අංශ වෙතට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා නගරයේ සියලුම ස්ථාන හා පුද්ගලයින් සෝදිසි පරික්ෂාවකට ලක් කල ආරක්ෂක අංශ එහිදී වව්නියාව නගරයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු ප්රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.එලෙසම යාපනය දිස්ත්රික්කයෙන්ද පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්රශ්ණ කිරීම් වලින් අනතුරුව ඉන් 6 දෙනෙකු මුදා හැර එක් පුද්ගලයෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි වාර්ථා වෙයි.මේ ආකාරයෙන් කිලිනෝච්චිය ප්රදේශයේද සිදුක සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.