Friday, December 27, 2024

උතුරු කොරියාව හා ඇමරිකාව අතර ඓතිහාසික සාකච්ඡාව අද

Must read

ලොව පුරා වැඩිම අවදානයක් දිනාගත් රාජ්‍ය නායක හමුව අද දිනයේදී සිංගප්පූරුවේ සන්තෝසා දිවයිනේ සුඛෝපභෝගී හෝටලයක් තුල පැවැත්විණි.ඒ ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රමප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අං දෙපලගේ හමුවයි. මේ වන විට මෙම හමුව පිලිබදව වාර්ථා කරන ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරන්නේ මෙම සාකච්ඡාව සාර්ථක බවයි.

සාකච්ඡාවේදී නායකයින් දෙපල විශේෂිත ලියවිල්ලකට අත්සන් තබා ඇති අතර එහි අන්තර්ගතය මේ වන තෙක් මාධ්‍යට අනාවරණය කර නැත. මෙම ලියවිල්ල අත්සන් තැබීමෙන් අනතුරුව නායක දෙපල විසින් මාධ්‍යට අදහස් දක්වා තිබුණත් එම ලියවිල්ලේ අන්තර්ගතය සම්බන්දයෙන් අදහස් දැක්වීමට ඔවුන්ද මැලිවී තිබේ.

එලෙසම මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම සාකච්ඡාව හේතුවෙන් උතුරු කොරියානු නායකයාත් සමග ඇතුවූයේ  විශේෂීත බැදීමක් බවයි. එලෙසම ඉදිරියේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සදහන් කර ඇත. එලෙසම මාධ්‍යට අදහස් දක්වමින් උතුරු කොරියානු නායක කිම් මහතා සදහන් කර ඇත්තේ අතීතය පසෙකින් තැබීමට ඔවුන් දෙපල තීරණය කල බවත් ඉදිරියේදී ලෝකයට ප්‍රධාන වෙනස්කම් රාශියක් අත්විදීමට ලැබෙනු ඇති බවත්ය.

මෙම සාකච්ඡාව පිළිබදව වන මාධ්‍ය සාකච්ඡාව එරට වේලාෙවන් පස්වරු 4ට යෙදී ඇති අතර එහිදී සාකච්ඡාවේ සදහන් කරුණු හා පැමිණන එකගතාවයන් ගැන මාධ්‍ය දැනුවත් කෙරෙනු ඇත.

_101981277_hi047385533

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article