Friday, September 20, 2024

උණවටුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමේ

Must read

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තානයේ සෙවය කර නිවසට පැමිණ සිට හබරාදූව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම පුද්ගලයාව උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සමීපව ආශ්‍රය කිරීම හේතුවෙන් උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම ස්ථානාධිපතිවරයාට පීසීආර් පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඔහුට උපදෙස් ලබාදී තිබේ.

උණවටුන දුම්රිය ස්ථානය විශබීජහරණය කර නැවත විවෘත කිරීමට නියමිත අතර ඉදිරියේදී වෙනත් උප ස්ථානාධිපතිවරයෙකු දුම්රිය ස්ථානය වෙත යොමු කර දුම්රිය ස්ථානය සාමාන්‍ය තත්වයේ පවත්වාගෙන යාමට කටයුතු කිරීමට නියමිතය.

කෙසේ වෙතත උණවටුන දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වීම සිදුවන අතර එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන පුද්ගලයන්ට කටුගොඩ හා ගාල්ල දුම්රිය ස්ථාන වලින් දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීමට අවස්ථාව සැලසා දීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article