Friday, May 17, 2024

ඊයේ සිට ඉරිදා දක්වා උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට

Must read

image_1513135978-2177b7af54

ඊයේ රාත්‍රීයේ සිට එලඹෙන ඉරිදා දක්වා උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව කොළඹ විශ්වවිදයාලයේ භෞතික විද්‍යාඅංශයේ තාරකාවිද්‍යාව හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂක ජයරත්න මහතා පවසනවා. ඒ මහතා තවදුරටත් පවසන්නේ මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම මේ කාලයේදී එනම් දෙසැම්බර් 4 – 17 ත් අතර දිනයන් වලදී දිස්වන අතර එහි උපරිමය  දෙසැම්බර් 13 හා 14 යන දිනවලදී සිදුවන බවයි.

කෙසේ වෙතත් මේ දිනවල සද එළිය අඩු වීම නිසා වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැකගැනීමට හැකි නොවනු අති බවත්, වෙනත් කෘතිම ආලෝකයන්ගෙන් රාත්‍රී අහස ආලෝකමත් නොවී අදුරුව සහ පැහැදිලිව පවතින්නේ නම් පැයකට උල්කාපාත 120ක් හෝ මිනිත්තුවකට උල්කාපාත 1 ක් හෝ 2ක් දැක් ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.

මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමට නම් අද රාත්‍රී 9න් පසු හිරු උදාවීමට පෙර බටහිර දෙසින් අහස නිරීක්ෂණය කල යුතු බවත් ඉතාමත් පැහැදිලිව මෙම උල්කාපාත දැකගැනීමට හැකිවනු ඇත්තේ දෙසැම්බර් 14 වනදින අලුයම 2 ත් 4ත් අතර බවයි මහාචාර්ය ජයරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ. එලෙසම මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමට කිසිදු දුරේක්ෂයක් හෝ වෙනත් උපකරනයක් අවශ්‍ය නොවන බවත් සුදු,කහ,කොළ,නිල් හා රතු වර්ණයන්ගෙන් මෙම වර්ෂාව දිස්වනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article