Monday, May 6, 2024

ඉන්දියාවට ලබාදී ඇති ත්‍රිකුණාමල තෙල් ටැංකියකට මාසයක ගෙවීම රු.100

Must read

(11.00 am ) 2003 පෙබරවාරි 17වනදා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමකට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99න් 14ක් ඉන්දියන් ඔයිල් සමාගමට වසර 35කට බදුදී ඇත්තේ මසකට රුපියල් 100ක් පමණ මුදලකට බව වාර්ථාවෙයි.

මාස 6ක් ඉක්මවූ පසු මෙම ගනුදෙනුව නිල ගිවිසුමක් බවට පත්විය යුතුවූවත් මේවන  විට වසර 14ක් ගතවී ඇතත් එවැනි කිසිදු නිල ගිවිසුමක් මේ සදහා අත්සන් තබා නොමැති බවද වාර්ථා වෙයි.

මින් පෙර අවස්ථාවකදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කර ඇත්තේ මෙම තෙල් ටැංකි 14 සදහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් වසරකට ඩොලර් 100ක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදෙන බවයි. එම අගය ඩොලරය රුපියල් 170ක්ය යන පදනම මත සිට ගණන් බලතොත් එක් ටැංකියක් සදහා වසරකට ගෙවන මුදල වන්නේ රුපියල් 1207කි. මෙම එක් තෙල් ටැංකියක තෙල් ලීටර් 12,500ක් ගබාඩා කලහැකි ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article