Saturday, May 18, 2024

ඉදිරියට එළඹෙන්නේ වරාය අධිකාරියේ තීරණාත්මක කාලපරිච්ඡේදයයි. ඇමති අර්ජුන පවසයි.

Must read

IMG_4211

“පසුගිය වසරේ වරාය අධිකාරිය ප්‍ර‍ශ්න රාශියකට මුහුණ දුන්න ආයතනයක් බවට පත්වුණා. ඒ වගේම වරාය අධිකාරිය සතු ප්‍ර‍ධාන සාධක පෞද්ගලීකරණය කිරීමේ ප්‍ර‍ශ්නවලටත් මුහුණ දෙන්න සිදුවුණා. මේ අවුරුද්දේ ඉදිරියේදීත් මම දකින්නේ අපිට ප්‍ර‍ශ්න සමග ජීවත්වෙන්න සිදු වේවී. අපිට එහෙම නැහැ කියලා හිතන්න අමාරුයි. වරාය අධිකාරියක් හැටියට තමුන්නාන්සේලාගේ වගකීම විය යුත්තේ මේ වරාය අධිකාරිය ආරක්ෂා කරගැනීමයි. මගේ වගකීම වන්නේ එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව කැබිනට් මණ්ඩලය හා රට දැනුවත් කිරීමයි. මම දන්නවා හම්බන්තොට ප්‍රශ්නයේදී ‍හා බෝනස් ප්‍ර‍ශ්නයේදීත් මෙතන ඉන්න බොහෝදෙනක් එකට එකතුවුණ නිසා අපිට ඒ ප්‍ර‍ශ්නවලින් ගොඩ එන්න පුළුවන් වුණා. නමුත් පසුගිය අවුරුදු දෙකටම වඩා මම දකින්නේ මේ අවුරුද්ද තමයි තීරණාත්මකම අවුරුද්ද. එක පැත්තකින් මුහුදේ ගැඹුර නිසා අපිට තියන ව්‍යාපාර අඩුවීගෙන යනවා. අනෙක් පසින් අපිට පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක කතා තියෙනවා.  මේ සියල්ලටම වඩා හම්බන්තොට ප්‍ර‍ශ්නය ඉතාම සීඝ්‍රයෙන් උඩු දුවලා තියෙනවා. මේ සඳහා මුහුණදෙන්න අපිට ශක්තියක් තියෙන්න ඕන. තමුන්නාන්සේලාටත් ඒ වගකීම තියෙන්න ඕන. අමාත්‍යවරයා විදියට මට අවශ්‍ය වෙලා තියෙන්නේ හම්බන්තොට වරාය පෞද්ගලිකරණය කරනවා නම්, ආයෝජකයින් ගේනවා නම් ඒ ආයෝජකයාට හැමදේම දීලා ආයෝජනය කරන්න නෙවෙයි. ඒ ආයෝජකයාට අඩු ප්‍ර‍මාණයක් දීලා අපි වැඩි ප්‍ර‍මාණයක් තියා ගන්නයි….” යැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (17) උදෑසන තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුද්දට සුභාශිංසන එක්කරමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ නිශ්චිත කාල සීමාවකට කොටුවී ආයතනයක් වෙනුවෙන් සේවය කිරීම නොව එම ආයතනයේ දීර්ඝකාලීන පැවැත්ම පිළිබඳ සිතා කටයුතු කිරීම තමාගේ මූලික දැක්ම වන බවයි. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මැතිතුමා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා, කලමනාකාර අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මැතිතුමා ඇතුළු නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වූහ.AR m 3

“මම කැමති නැහැ අනෙක් ඇමතිවරු වගේ යම්කිසි කාල සීමාවකට ඇවිල්ලා ඒ කාලය තුළ තියෙන දේ පමණක් කරලා යන්න. පළමු වතාවට අපිට පුළුවන් වෙලා තියෙනවා සියලු පක්ෂ එකමුතුව අලුත් ආණ්ඩුවක් හදන්න. ප්‍ර‍ධාන පක්ෂ දෙකට අමතරව දෙමළ, මුස්ලිම් සියලුම දෙනා එකතුවෙලයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. රටක් හැදිය යුත්තේ අපි ශ්‍රී ලාංකිකයින් විදියටයි. මම බෞද්ධයෙක්. නමුත් මම කවදාවත් අනෙකුත් ආගම් පහත් කරලා කතාකරන්නේ නැහැ. ඒක මගේ දෙමව්පියන් ඉගැන්වූ දෙයක්. මගේ පාසලෙන් ඉගැන්වූ දෙයක්. ඒ ක්‍ර‍මවේදය අපි මේ රටේ ඇති කළොත් මම හිතනවා අපිට පුළුවන් වෙනවා මේ රට වෙනස් තත්ත්වයකට ගෙනයන්න…..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය. AR m 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article