Saturday, May 18, 2024

ආර්ථිකය ස්ථායි වෙමින් පවතිනවා – මහබැංකු අධිපති

Must read

මුදල් ප්‍රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කරමින් සහ රජය බදු වැඩිකරීම් සිදු නොකළ සිටියේ නම් මේ වන විට රට තුල උද්ධමනය 100% ඉක්මවීමට ඉඩ තිබූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ” අද දෙරණ 24″ නාලිකාව හා සාකච්ඡාවකට එක්වෙමිනි.

ආර්ථිකය කඩාවැටීම නවත්වන්න නම් අපිට සිද්ධවෙනවා ආර්ථිකය කඩාවැටෙන මග නවත්වන්න. අපි හිටපු තත්ත්වයත් එක්ක අපි මුදල් ප්‍රතිපත්ති තර කළේ නැත්නම්, අපි පොලී අනුපාත වැඩි කළේ නැත්නම්, රජය බදු වැඩිකරේ නැත්නම් අපි හිටියා නම් තව කල් දීලා බලමු කියලා, උද්ධමනය සියයට සියය ඉක්මවා යන්න තිබුණා. මේ දේවල් ඉතුරු නොවෙන්න තිබුණා. මේ වෙනකොටත් එහෙනම් හැමදේම කඩාවැටෙන්න තිබුණා.” යැයි මහබැංකු අධිපතිවරයා එහිදී සදහන් කලේය.

“අපි දැන් ඉන්නේ ස්ථායි වෙමින් පවතින තත්ත්වයක.මේක වෙන ක්‍රමයකින් කරන්න තිබුනයි කියන අයගෙන් අහන්න කැමතියි එහෙනම් මොකක්ද කරන්න තිබුණ ක්‍රමවේදය කියල. ප්‍රශ්නය තමයි කියන්න මොකක්ද අපි මේ තත්ත්වය ස්ථායි කරන්න කරපු වැඩපිළිවෙළට වඩා හොඳ අනෙක් ක්‍රමය?” යැයිද අදිපතිවරයා එහිදී ප්‍රශ්ණ ⁣කලේය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ  පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය ඉතාමත් වැදගත් වන බවයි.

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article