Wednesday, November 20, 2024

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගයේ ඡන්ද විමසීම 11වනදා සවස

Must read

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (10) සහ හෙට (11) විවාදයට ගැනීමට  පක්ෂ නායකයන් තීරණය කර ඇත. ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසීම  11වනදා සවස 6.30ට පැවැත්වීමට නියමිතය.

මේ වන විට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කරන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article