අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ වේ.
ඒ සදහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
අවුරුදු 16,17,18 සහ 19 යන වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.