Saturday, May 18, 2024

අලි මිනිස් ගැටුමට විසඳුම ?

Must read

අලි මිනිස් ගැටලුවට විසදුම් සොයන්න හිතුවාට වඩා උනන්දුවක් තිබෙන බව පේනවා. සිවිල් සංවිධාන, මාධ්‍ය පමනක් නොවෙයි ආරාධනා කල රාජ්‍ය අයතන 2 ක් තුනක් හැරෙන්නට අනෙක් සියලුම ආයතන පැමිනියා. බොහෝ අය අදහස් ප්‍රකාශ කලා. ඉතාමත් සාධනීයයි. අපිට ඕන වුනේ පරිසර යුක්ති කේන්දරයේ යෝජනාවල නොව අගතියට පත්වන මිනිසුන්ගේ, ඒ හා ගැටෙන රාජ්‍ය නිලධාරීන්ගේ හා උනන්දුවන සහකම්පනය ඇති ක්‍රියාකාරිකයන්ගේ යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට.

අපි මේ වන විට 5000 කට අධික අයගේ අදහස් හා යෝජනා ලබාගෙන තිබෙනවා. දෙතුන්දෙනෙක් හැරෙන්නට අනෙක් අය විශේෂඥයන් නොවෙයි. එහෙත් ඔවුන්ට අදහස් පලකරන්නට අයිතියක් තිබෙනවා. ඒවා විශේෂඥයන්ගේ අදහස්වලට නොදෙවෙනි නැහැ. මේ දක්වා යෝජනා 24ක් ඉදිරිපත්කොට තිබෙනවා. ඒවා තව පැහැදිලි කරන්නට අදත් අදහස් ඉදිරිපත් වුනා වගේම නව අදහස් ඉදිරිපත් වුනා. ඒ සියල්ල ඉතා ඉක්මනින් යෝජනාවලියට එකතු කරගන්නවා.

යෝජනා අපට සොයාගන්නට අපහසු නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්නට උවමනාවක් ඇති මිනිසුන් තමයි අවශ්‍ය. ප්‍රාග්ධනය සොයාගන්නට අවශ්‍යයයි. ජනතාව උත්තර සොයාගන්නට පෙළඹවීම අවශ්‍යයි. ඒ සඳහා එක්වන්ව කටයුතු කිරීම අවශ්‍යයි. ඒත් තවමත් වෙන්ව උත්තර සොයන අය අප අතර ඉන්නවා. ලේසි උත්තර සොයන අය ඉන්නවා. එකම උත්තරය මේමයි කියා සිතන අයත් සිටිනවා. මට තනිව දෙන්නට විසඳුමක් නැහැ. එහෙත් එක්ව සොයන උත්තර වලට සහයක් වන්නට පුලුවනි.

අපට පරිපාලනය හසුරවිය හැකි දේශපාලන බලයක් නැහැ. ඒ නිසා මේ විසඳුම් ක්‍රියාත්මක කරන්නට දේශපාලන කන්ඩායම් වලට බලපෑම් කිරීම එක් ආකාරයක්. එහෙත් උසාවිය හරහා මේ මහත් ජනතා සහභාගීත්වයකින් සැකසූ යෝජනාවලිය, වර්තමානයේ රජය විසින් ක්‍රියාත්මක කරන යෝජනාවලට එක්කරගන්නට හැකිවුවහොත් ඒවාට නීතිමය පදනමක් ලබාදෙන්නට අපට හැකිවේවි.

(හේමන්ත විතානගේ ගේ ⁣⁣ෆේස් බුක් පි⁣ටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article