Friday, May 3, 2024

අලි ප්‍රශ්ණයට අමරවීරගේ විසදුම …

Must read

 

අලි ප්‍රශ්නය අවසාන කිරීමට දීර්ඝ කාලින වැඩපිළිවෙලට යා යුතු බවත් අලි මිනිස් ගැටළුවට විසඳුමක් ලබාගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න නම් අපේ වනෝද්‍යානවලට හොඳ සැළැස්මක් තිබිය යුතු බවත් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ වැයශිර්ෂයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

මතු වූ යෝජනා හා චෝදනා සියල්ල ගැන අවධානය යොමු කරනවා. වැඩපිළිවෙලක් මේ ගැන යොදවන්න කියා අමාත්‍යාංශ ලේකම්වරියට යොමු කරනවා.

අලි මිනිස් ගැටුම හැමදාම ප්‍රවෘත්ති තියෙනවා. මිනිස් හා අලි ජීවිත් අවිශාල ප්‍රමාණයක් අහිමි වෙලා. අලි 6000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. වැඩි වීමක් ත්යෙනවා, මෙය අපිට සම්පතක්. ලබන වසරේ වෙනම සමීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අලි මිනිස් ගැටුම අවම කරන්න දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමා කමිටුවක් පත් කළා. වාර්තාවක් සකස් කරමින් යනවා. දිස්ත්‍රික්ක 19කට අලි මිනිස් ගැටුම අදාළයි.

අලි මිනිස් ගැටුම අවම කර ගැනිමට විදුලි වැට කි.මි. 4900 ක් තිබෙනවා. තවත් කි. මි.1500ක් අලුතින් අලි වැටක් ගහන්න සැලසුම් කරලා තිබෙනවා.  මිනිස්සුත් ජීවත් වෙන්න්  ඕන,අලි ආරක්ෂා කරගන්නත් ඕන. අපි වැටවල් 30ක් ගහන්න බැරි වී තිබෙනවා. නැවත ජනතාව සමඟ එකතුවෙලා වැඩසටහන්ක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉන්න රාජ්‍ය සේවකයින් යොදවා ගෙන,සිවිල් ආරක්ෂක නිලධාරින්,බහුකාර්ය නිලධාරීන් එකතු කරගෙන ප්‍රදේශවල ආරක්ෂක අංශ සහාය අරගෙන අලි වැටවල් සකස් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

සත්තු කැලයට දාන්න කියනවා. කැලේ සත්තු වැඩිවෙලා. අලි ප්‍රශ්නය අවසාන කිරීමට දීර්ඝ කාලින වැඩපිළිවෙලට යන්න ඕන. සංවර්ධන කටයුතුවලට අරන් තියෙන්නේ අලින්ගේ භූමි.අලි මංකඩ අහුරලා.ඒවාගේ 16ක් අත්පත් කරගෙන. ගම්වලට කඩා වදිනවා. අපි පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. අලි මංකඩ තුනක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා.  අලි මිනිස් ගැටුම සියය 50 අඩු කරගන්න පුළුවන්, අලි මංකඩ විවෘත කිරීමෙන්.ශක්තිමත් අලි වැටවල් හා බාධක යොදවන්න ඕන. අලින්ට අවශ්‍ය ආහාර කැලේ නිර්මාණය කරන වැඩපිළිවෙලක් සකස් කරනවා

උතුරේ තිබෙන කැලැවල සංචාරක ආරක්ෂක ප්‍රදේශයක්සකස් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ පිළිබඳ මතයක් අරගෙන සංචාරකයින්ට කලාපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් දෙකක් හඳුනාගනිමින් සිටිනවා. වන සත්ත්ව හානිය ගැන කතා කළා. කමිටුවක් පත් කළා. තොරතුරු රැස් කර තිබෙනවා. මාස 6කට පොල් ගෙඩි විතරක් මිලියන 93ක් වනසතුන් නිසා හානි වෙනවා.මේ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. සත්ත්ව ලෝලීන් සමඟ සාකච්ඡා කළා. මාසයක් දුන්නා යෝජනා දෙන්න. සත්ත්ව හානිය වළක්වා ගෙන ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න මාහඟු අවස්ථාවක් වෙනවා.සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න නම් අපේ වනෝද්‍යානවලට හොඳ සැළැස්මක් තිබිය යුතුයි” යැයි ද අමාත්‍යවරයා පැවසීය

මුලාශ්‍රය – news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article