Monday, May 13, 2024

අලිමංකඩ දි සිදුවූ අනතුරෙන් පුද්ගලයෙක් සහ ගවයෙක් මියයයි

Must read

කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇත. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ යාපනයේ සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් නැවත යාපනය බලා යමින් තිබූ වෑන් රථයක් ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි.එම  මාර්ගයේ සිටි ගවයින්ද ගැටි අතර ගවයෙක් එතනම මියගොස් තිබේ.
වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු (යාපනය බසයියුර්) මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.

තුවාල ලැබූවන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග පවසයි

තමරලිංගම් සිවා

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article